2013-01-04

මහජන වැසිකිළියේ කුඩු උරමින් සිටියදී අත්අඩංගුවට

හම්බන්තොට නගරයේ මහජන වැසිකිළියේ කුඩු උරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් සහ මත් කුඩු ළඟ තබාගත් අයෙක් මයුරපුර ප්‍රදේශයේදී හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් තිදෙනා ළඟ තිබී මත් කුඩු මිලි ග්‍රෑම්ස් 18, 19 සහ 14ක් වශයෙන් අත්අඩංගුවට ගත් බව මූලස්ථාන පොලිස් පරීක්ෂන එල්. රත්නවීර මහතා පවසනවා. සැකකරුවන් අද හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.