2013-05-11

නාට්‍යවලින් ලැබෙන මුදල් මදිව ටෙලි නිළිය අනුන්ගේ ක්‍රෙඩිට් කාඩ්පතකින් හොරෙන් මුදල් ඇදලා

අන්සතු ක්‍රෙඩිට් කාඩ් පතකින් රුපියල් ලක්ෂයක මුදලක් වංචා කළ බව කියන ටෙලි නාට්‍ය නිළියක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහරිනු ලැබීය.
සැකකාරියට ශරීර ඇප නියම කරනු ලැබුවේ ලබන සැප්තැම්බර් 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කරමින්. පොල්වත්තගේ මනීෂා ශ්‍යාමලී නමැති ටෙලි නාට්‍ය නිළියක් එසේ ඇප මත මුදාහැරුණි. 
මේ ටෙලි නාට්‍ය නිළිය විසින් එඩ්මන් වික්‍රමපතිරණ නමැති අයකු සමග සම්බන්ධකමක් පවත්වාගෙන ගොස් ඔහු මියගිය පසු ඔහු සතු ක්‍රෙඩිට් කාඩ් පතකින් මේ මුදල වංචා කර ඇති බවට ඔහුගේ දියණිය වන සාරාංගි ධනුකා එඩ්මන් වොමින් යන අය විසින් කොල්ලුපිටිය පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර ටෙලි නාට්‍ය නිළිය 9 වැනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලදී. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.