2013-05-09

අකුරණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති පොලිස් අත්අඩංගුවට


මන්තී‍්‍රවරයෙකුට පහරදීමේ චෝදනාව මත අකුරණ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා පොලිස් අත්අඩංගුවට ගැනුනා. පොලීසිය පැවසුවේ දින කිහිපයක් පුරා සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව ඔහු අත්අත්අඩංගුවට ගත් බවයි. උප සභාපතිවරයා විසින් අකුරණ ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරයෙකුට ඉකුත්දා පහරදීමක් සිදු කරනු ලැබුවා. ඉන් තුවාල ලැබූ එම මන්තී‍්‍රවරයා අකුරණ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. අත්අඩංගුවට ගත් උප සභාපතිවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.