2013-05-08

පෙම් හසුනක් විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයා රක්ෂිත බන්ධනාගාරයට යවයි


පෙම් හසුනක් ලියා වයස අවුරුදු 17ක බාලවයස් දැරියකට ලිංගික අපයෝජනයක් කළේ යැයි සැකපිට වයස අවුරුදු 60ක් වන පුද්ගලයෙකු 
හෙට (2013-05-09) දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළා. එම පුද්ගලයා විශ‍්‍රාමික ග‍්‍රාම නිලධාරිවරයෙකු වනවා. අපයෝජනයට ලක්වු දැරියගේ මව්පියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනුණා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.