2013-06-27

වයඹ මධ්‍යම විසුරුවීමට ගැසට් පත්‍රය සූදානම් ජනපතිගේ අත්සන පමණයි අවැසි

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මැතිවරණය පැවැත්වීම ඉලක්ක කරමින් වයඹ  හා මධ්‍යම පළාත් සභා දෙක ලබන මස 05 දා විසුරුවා හැරීමට රජයේ ඉහළ පෙළේ සාකච්ජාවකදී තීරණය වී ඇතැයි වාර්තා වනවා. 
මෙම පළාත් සභා දෙක විසුරුවා හැරීමේ ගැසට් පත‍්‍රය සකස් කර ඇති අතර ජනාධිපතිවරයාගේ අත්සන් පමණක් එයට යෙදීමට ඉදිරියේදී නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ අමාත්‍යවරයෙක් සදහන් කරයි.
එසේම උතුරු පළාත් සභා  මැතිවරණය පැවැත්වීමේ නියෝගය ලබන මස මුල් සතියේ දී නිකුත් කිරීමට මෙම සාකච්ජාවේදී තීරණය  කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
සැප්තැම්බර් 21 දා මධ්‍යම වයඹ  හා උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇතැයිද එම ආරංචි මාර්ග පවසනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.