ලබන සිකුරාදා (5) මධ්‍යම සහ වයඹ පළාත් සභා විසුරුවා හරින බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි. උතුරු පළාත් සභා මැතිවරණය සමග එකට මැතිවරණය පැවැත්වීම සඳහා මධ්‍යම හා වයඹ පළාත් සභා දෙක කලින් විසුරුවා හරින බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම පළාත් සභා තුනේ මැතිවරණය ලබන සැප්තැම්බර් මස 21 හෝ 28 යන දින දෙකෙන් එකක පවත්වන බව මැතිවරණ කොමසාරිස්වරයා දැනටමත් ප‍්‍රකාශ කර ඇති බව ද ඔහු පැවසීය. මධ්‍යම හා වයඹ පළාත් සභා දෙක විසුරුවා හරින ලෙස ඉල්ලා පළාත් ප‍්‍රධාන ඇමැතිවරුන් දෙදෙනා ආණ්ඩුකාරවරුන් වෙත දැනටමත් ලිපි බාරදී ඇතැයි කී බැසිල් රාජපක්‍ෂ මහතා, ඒ අනුව පළාත් සභා දෙක ලබන සිකුරාදා විසුරුවා හරින්නේ යැයි ද කීවේය.
මෙම පළාත් සභා දෙකේ මැති ඇමැතිවරුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉකුත් දා කොළඹට කැඳවනු ලැබූ බව කී ඇමැතිවරයා, පළාත් සභා දෙක කලින් විසුරුවා හැරීමට ඔවුන් සියලූ දෙනා එකඟතාව පළ කළ බව ද සඳහන් කළේය.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.