වැට් බදු වංචාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා මේ මස 23 වැනිදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතාට කොළඹ මහාධිකරණය අද (01) සිතාසි නිකුත් කර තිබේ. ඒ පිළිබඳ නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ මහ අධිකරණ විනිසුරු කුමුදුණී වික්‍රමසිංහ මහත්මිය දැනුම් දුන්නේ ලබන 23 වැනි දින මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවයි.
මීට අමතරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයාට ද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කර තිබේ. රුපියල් කෝටි 400 ට ආසන්න වැට් බදු වංචාවක් සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.