මංගල උත්සවයකදී ගුටිබැට හුවමාරුවක නිරත වීම හා පුද්ගලයින් කිහිප දෙනකුට පහර දීම යන චෝදනා යටතේ ඉංගිරිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී හේෂල රංජිත් මහතා අද බිංගිරිය වැල්ලරාවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ජුනි 26වැනිදා සිදු වූ මෙම ගැටුමට අදාළව සැකකරුවන් හය දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට්ටිපොල අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත. බිංගිරිය පොලිසිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම පැමිණිලි ඉදිරිපත් වී ඇති බවයි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.