දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරි මවක් සිය කුළුදුල් දරු උපතේදී ගැහැණු දරුවන් දෙදෙනකු දඹුල්ල රෝහලේදී අද බිහිකළා. එම දරුවන් ගර්භාෂ දෙකක වැඩී ඇතැයිද එය ඉතා දුර්ලභ අවස්ථාවක් යැයිද දඹුල්ල රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සුමිත් වර්ණසුරිය මහතා පවසනවා.
ගර්භාෂය පටල දෙකට බෙදී ඒ දෙකෙහි වෙන්වෙන් වශයෙන් කළල හට ගැනීමට ඉඩ ඇතැයි වෛද්‍යවරු පවසනවා. කාන්තාවන් දස ලක්ෂයකින් එක් අයකුට මෙවන් දරු උපතක් සිදුහැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි.
මීට පෙර 2006 දී බ්‍රිතාන්‍යයේදී මවකගේ වෙන්වෙන්ව පිහිටි ගර්භාෂ දෙකකින් දරුවෝ තිදෙනෙක් බිහිව තිබෙනවා.


No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.