ලබන නොවැම්බර් මාසයේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා සියලූ රටවල් සහය ලබාදිය යුතු බව ඔස්ටේ‍්‍රලියාව සහ බි‍්‍රතාන්‍ය ප‍්‍රකාශ කර තිබෙනවා.
පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී අද උදෑසන පැවැත්වුණා. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡුා කෙරුණු බවයි. සමුළුව වෙනුවෙන් ශ‍්‍රී ලංකාව මේ වන විට ලබාදී ඇති දායකත්වය ද ශර්මා මහතා විසින් මෙහිදී පැසසුමට ලක්කර තිබෙනවා. සමුළුවට පෙර ශ‍්‍රී ලංකාවට පැමිණි පොදුරාජ්‍ය මණ්ඩලයීය නියෝජිතයන් ද ශ‍්‍රී ලංකාවේ පවතින සූදානම පිළිබඳ ඇගයීමට ලක්කර ඇති බවයි කමලේෂ් ශර්මා මහතා එහිදී පෙන්වා දුන්නේ.
මේ අතර මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව හරහා ලෝකවාසී ජනතාවට ප‍්‍රායෝගිකත්වයෙන් යුත් ප‍්‍රතිඵලයක් ලබාදිය යුතු බවයි. ඒ සඳහා සමුළුවට සහභාගි වන සියලූ නායකයන් කැපවිය යුතු බව ද මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර තිබෙනවා.
මේ අතර ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සාර්ථක කරගැනීම සඳහා සියලූ පාර්ශ්ව සහය ලබාදිය යුතු බව ඔස්ටේ‍්‍රලියාව සහ බි‍්‍රතාන්‍ය ප‍්‍රකාශ කර තිබෙනවා.
එම රටවල ප‍්‍රකාශයන් උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනාවරණ කළේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් හා ප‍්‍රතිසන්ධාන කටයුතු ඉතා උසස් මට්ටමක පවතින බවයි. අදාළ අංශ දෙකම මේ වන විට ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවයි එම රටවල් පෙන්වා දී ඇත්තේ. එම නිසා ශ‍්‍රී ලංකාව තවදුරටත් හුදෙකලා නොකර උදව් උපකාර කිරීම සියලූදෙනාගේ වගකීමක් බව ඔස්ටේ‍්‍රලියාව සහ බි‍්‍රතාන්‍ය පෙන්වා දී තිබෙනවා.
2013-09-26
පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා සියලූ රටවල් සහය ලබාදිය යුතුයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.