2013-09-27

STF නොවෙයි මොකා ආවත් ඉඩම්වලින් යන්න එපා


  • නිවිතිගල ඉඩම් මුදා ගැනීමේ මෙහෙයුමට එරෙහිව දේශපාලන මෙහෙයුමක්

රත්නපුර නිවිතිගල ප්‍රදේශයේ බලෙන් අල්ලාගෙන සිටින ඉඩම් මුදාගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරනු ලබන මෙහෙයුමට විරුද්ධව පෙරේදා (25) සවස පළාත් සභා මන්ත්‍රීවරයකු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විශේෂ රැස්වීමක් තබා එය නවතාලීමට රහසිගත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. 
නිවිතිගල කිරිබත්ගල වතුයායේ හෙක්ටයාර් 40ක් මුදාගැනීම සඳහා සිදුකරනු ලබන මෙහෙයුමට විරුද්ධව මෙම දේශපාලන මෙහෙයුම ආරම්භ කර තිබේ. මෙම වතුයායේ ඉඩම් බලෙන් අල්ලාගෙන සිටින පුද්ගලයන් ප්‍රදේශයේ ප්‍රජා ශාලාවකට රැගෙනවිත් රාත්‍රී 7.00ට පමන මෙම රහසිගත සාකච්ඡාව කළ බව එහි සිටි අයෙක් පැවසීය. එහිදී මන්ත්‍රීවරයා පවසා ඇත්තේ එස්.ටී.එෆ්. නෙවෙයි මොකා ආවත් ඉඩම්වලින් යන්න එපා කියාය. මෙම පළාත් සභා මන්ත්‍රීවරයාටත් ප්‍රාදේශීය දේශපාලනඥයාටත් මෙම වතුයායේ අක්කර දෙක බැගින් ඉඩම් තිබෙන බවත් ඒවාද බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින ඒවා බවද අනාවරණ වී තිබෙනවා. 
මෙම සාකච්ඡාවේදී විශේෂ කාර්ය බලකාය ඉඩම්වලින් ඉවත් වන ලෙස දැන්නුවහොත් ගැටුම් ඇති කර ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇතැයි එහි සිටි අයෙක් රිවිරට පැවසීය.
මෙම දේශපාලන මෙහෙයුමට ප්‍රදේශයේ ප්‍රභූ පිරිස්ද සහභාගි වී ඇති අතර මෙහි  ඉඩම් අල්ලා සිටින චන්දන සහ චමින්ද යන අයියා මලෝ දෙදෙනෙකුද පූර්ණ සහයෝගය ලබාදී ඇත. ඔවුන් දෙදෙනා අල්ලා ඇති බඩම් ප්‍රමාණය අක්කර 7ක් බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරනවා.  

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.