2013-10-19

හන්තානේ අතරමං වූ විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙක් සහ සිසුවියක් සොයා පොලීසියෙන් මෙහෙයුමක්

හන්තාන කන්ද තරණය කිරීමට ගොස් අතරමංව සිටින විශ්ව විද්‍යාල සිසුන් කණ්ඩායමක් සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මොවුන් ගලහ වාඩිගල ප‍්‍රදේශයෙන් හන්තාන කන්ද තරණය කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වනවා. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි අංශයේ සිසුන් දෙදෙනෙක් සහ පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් දෙදෙනෙක් මෙලෙස අතරමංව තිබෙනවා. ඔවුන් අතර සිසුවියක්ද වන බවද වාර්තා වනවා. විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලබාදුන් තොරතුරකට අනුව මහනුවර පොලිසිය මෙම සිසුන් සොයා මෙහෙයුම් ආරම්භ කළා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.