2013-10-23

රෝයල් පාක් ඝාතකයාගේ මරණ දඩුවම එලෙසමයි

රාජගිරිය රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ වරදකරු වු ජුඩ් ශාමාල් ඇන්තනී ජයමහට අභියාචනාධිකරණය විසින් නියම කළ මරණ දඬුවම අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කරනු ලබා ඇත. ඉවෝන් ජොන්සන් නැමැති 19 හැවිරිදි තරුණිය 2005 වසරේ ජුලි මස 01 වැනි දින ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වු ජුඩ් ශාමාල් ඇන්තනීට කොළඹ මහාධිකරණයෙන් වසර 12 ක සිර දඬුවමක් නියම කරන ලද අතර ඊට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරමින් දඬුවම ලිහිල් කරන ලෙස වරදකරු අභියාචනයෙන් ඉල්ලා තිබේ.
එහෙත් වරදකරුට ලබාදුන් දඬුවම තවත් වැඩිකරන ලෙස නීතිපතිවරයා විසින් අභියාචනයක් ඉදිරිපත් කරමින් දක්වා තිබුණි. පසුව අදාළ අභියාචනා 2කම විභාගයට ගත් අභියාචනාධිකරණය වරදකරුගේ අභියාචනය ඉවත දමමින් මරණ දඬුවම නියම කළේය. එනමුත් විත්තිකරු යළිත් වරක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළේය.
ඒ අනූව එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයේ ශලීම් මර්ෂුක්, කේ.ශ්‍රී. පවන් සහ සත්‍යා හෙට්ටිගේ යන විනිසුරුවරු මඩුල්ල හමුවේදී විභාගයට ගැනීම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුවිය. එහිදී විනිසුරුවරුන් එය විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරමින් විත්තිකරුට එරෙහි මරණ දඬුවම යළි තහවුරු කළේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.