2013-10-19

කොරියානු භාෂා විභාගය අද

කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය අද ආරම්භ වනවා. ඒ, කොළඹ දිස්ත‍්‍රික්කයේ මධ්‍යස්ථාන හයකදීයි. නාලන්ද, ගෝතමී බාලිකා, අශෝක, ඞී.එස්. සේනානායක, ඉසිපතන සහ තර්ස්ටන් යන විද්‍යාලවල එම මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. ඒවායේ ආරක්ෂාව සඳහා පොලීසියද යොදවා සිටින බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේ. තවද විභාග මධ්‍යස්ථානවලට ජංගම දුරකථන හෝ වෙනත් විද්‍යුත් උපකරණ රැගෙනයාම තහනම් වනවා. අයදුම්කරුවන් විසිදහස් පන්සිය තිස්හය දෙනෙකු මෙම විභාගයට පෙනී සිටීමට නියමිතයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.