අද (22) අලූයම පිළියන්දල මඩපාත බටකැත්තර සෙන්මිචෙල් ගාර්ඞ්න් දෙවන පටුමග ප්රදේශයේ පිහිටි සබන් කුඩු කර්මාන්ත ශාලාවක සිදු වූ ගෑස් කාන්දුවකින් පුද්ගලයන් අසූ දෙදෙනෙකු මේ වන විට රෝහල්ගත කර තිබෙන බව වාර්තා වනවා. ඒ අතරින් පුද්ගලයන් තිස් දෙනෙකු පිලියන්දල රෝහලටත් තවත් පුද්ගලයන් හතලිස් දෙදෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පැවසෙනවා. ගෑස් කාන්දුවත් සමග ඇති වූ ශ්වසන ආබාධ හේතුවෙන් ඔවුන් රෝහල්ගත කර තිබෙන අතර ඔවුන් සියලූදෙනා අදාළ කර්මාන්ත ශාලාව අවට පදිංචිකරුවන් වනවා. කෙසේ වෙතත් මේ වන විට අදාළ ගෑස් කාන්දුව සම්පූර්ණයෙන් පාලනය කර තිබෙන අතර පොලිසිය වැඩිදුරටත් පවසන්නේ අදාල සබන් කුඩු කම්හල වසා දැමීම සදහා තාවකාලිකව අධිකරණ නියෝගයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.
2013-10-22
Home
/
Local News
/
ගෑස් කාන්දුවකින් මඩපාත අසූවක් රෝහලට - කම්හල වැසීමට අධිකරණය නියෝගයක් ගැනීමට පොලීසිය සැරසෙයි
ගෑස් කාන්දුවකින් මඩපාත අසූවක් රෝහලට - කම්හල වැසීමට අධිකරණය නියෝගයක් ගැනීමට පොලීසිය සැරසෙයි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.