2013-11-19

පොලීසියේ දස දහසකට දවස් තුනක නිවාඩුවක්

පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවේ විශේෂ රාජකාරි සඳහා පැමිණ සිටි පොලිස්‌ නිලධාරීන් දස දහසකට ආසන්න පිරිසකට දින තුනක නිවාඩුවක්‌ ලබා දී ඇත. ඒ අනුව විශේෂ රාජකාරි සඳහා පිට පළාත්වලින් පැමිණ සිටි පොලිස්‌ නිලධාරීන්ට ඊයේ (18 වැනිදා) සිට 21 වැනිදා දක්‌වා නිවාඩු හිමි වී තිබේ.ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක තනතුරේ සිට පහළ ශ්‍රේණිවල නිලධාරීන් සඳහා පමණක්‌ මෙම නිවාඩු ලබා දීමට කටයුතු කර ඇති බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.
මෙවර රාජ්‍ය නායක සමුළුව සඳහා රාජකාරියට පැමිණ සිටි පොලිස්‌ නිලධාරීන්ගේ සුබසාධක කටයුතු ඉතාම ඉහළ මට්‌ටමක තිබූ බව පොලිස්‌ නිලධාරීහු පවසති. පොලිස්‌ නිලධාරීන්ට ලබාදුන් කෑම බීම ඇතුළු අනෙකුත් පහසුකම් ඉතාම හොඳ මට්‌ටමේ පැවති බව ද එම නිලධාරීහු කියා සිටිති.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.