2013-11-19

බී.බී.සී. සිංහල සේවය බ්‍රිතාන්‍ය ජාතිකයන් යටතට - අංශ ප්‍රධානියාගේ සේවය අත්හිටුවේ

බී.බී.සී ලෝක සේවයේ සිංහල සේවා අංශ ප‍්‍රධානී ප‍්‍රියත් ලියනගේ මහතාගේ සේවය අත්හිටුවා තිබෙනවා. ඔහුගේ වැඩ අත්හිටවු බව බී.බී.සී සිංහල අංශයේ සෙසු කාර්ය මණ්ඩලයට ලිඛිතව දැනුම් දී තිබෙනවා. ඒ අනුව සිංහල සේවයේ සියලූ ක‍්‍රියාකාරකම් බි‍්‍රතාන්‍ය ජාතිකයින් යටතට ගෙන ඇති බවද වාර්තා වුණා. ශ‍්‍රී ලාංකිකයෙකුගේ අධීක්‍ෂණයෙන් බැහැරව සිංහල සේවය වෙනත් ජාතිකයෙකුට පැවරු ප‍්‍රථම අවස්ථාව ද මෙයයි. බී.බී.සී සිංහල සේවය ඔස්සේ විකාශය කෙරෙන සංදේශය වැඩ සටහනේ අන්තර්ගත සියලූ කරුණු ඉංග‍්‍රිසි මාධ්‍යයට පරිවර්ථනය කර බි.බි.සී ප‍්‍රධානීන්ගේ අවසරය ලබා ගැනීම ද අනිවාර්ය කර තිබෙනවා. මීට හේතුවී ඇත්තේ බී.බී.සී ලෝක සේවයේ ෆ‍්‍රැන්සිස් හැරිසන් ඉදිරිපත් කළ වාර්තා වැඩසටහනකට අදාලව සිංහල භාෂාවෙන් ඉදිරිපත් කෙරුණු වැඩසටහනක්. එය බී.බී.සී වෙබ් අඩවියෙන් ද ඉවත් කර තිබෙනවා. එම මුල් වැඩසටහන සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් ඇතුලත් කර සිංහල වැඩසටහනක් ඉදිරිපත් කිරීම ප‍්‍රියත් ලියනගේ මහතාගේ සේවය අත්හිටුවීමට හේතුවී ඇති බවයි වැඩිදුරටත් වාර්තාවුණේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.