පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයට ගිය බොදුබල සේනා සංවිධානයෙන් එක්සත් ජාතික පක්ෂය සමාව ඉල්ලා ඇත. සිරිකොත පක්ෂ මූලස්ථානය තුළට ඇතුල්වීමට බොදුබල සේනා සංවිධානයට අවසර නොලැබුණු අතර ජාතික සංවිධායක දයා ගමගේ, කොළඹ දිස්ති්රක් පාර්ලිමේන්තු මන්තී්ර රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්තී්ර රුවන් විජේවර්ධන යන මහත්වරුන් හා එක්සත් භික්ෂු සංවිධානයේ ලේකම් දෙනියාවල පාලිත හිමි පිටතට පැමිණ බොදුබල සේනා සංවිධානයෙන් සමාව ඉල්ලා තිබේ.
පසුගිය වර බොදුබල සේනා සංවිධානය එම ස්ථනයට පැමිණෙන බවක් ඔවුන් නොදැන සිටි බවත් එම අවස්ථාවේ එම ස්ථානයේ පැවති තත්ත්වය මත එම සංවිධානයේ භික්ෂූන්වහන්සේලා අපහසුතාවයට පත් වූ බවත් පවසමින් එම අපහසුතාවයන්වලට සමාව ඉල්ලා සිටියහ. බොදුබල සේනා සංවිධානය සමඟින් ඉදිරියේ දී සාකච්ඡවක් පවත්වන බවට දයා ගමගේ ඇතුළු පිරිස පොරොන්දු වූ පසු එම සංවිධානය සාමකාමීව එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.