කුඩු සටනට බිලි වූ කඹුරුපිටිය පොලිස් කොස්තාපල්වරයාගේ සහ ඔහුගේ බිරියගේ ඝාතනවල ප්‍රධාන සැකකරු බව කියන 'කැටයම් චින්තක' සොයා පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් අටකින් සැදුම්ලත් සෙබළුන් 300ක් මේ වන විට අක්කර 700කින් යුත් කඹුරුපිටිය මාස්මුල්ල හා ගල්කන්ද වත්ත කැලෑ ප්‍රදේශ දෙකක් පීරමින් මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා. සැකකරු දකුණු පළාතේ නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ උදව්කරුවකු බවද පැවසෙනවා. කළු කොඩි ඔසවා සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් ගම් වැසියන් මේ අමානුෂික ඝාතනයට විරුද්ධව මේ වන විට විරෝධතා පළකරනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිස්පතිවරයා විසින් එම පොලිස් කණ්ඩායම් මෙහෙයවීමේ කටයුතු මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය පොලිස්පති මැකාර්ති පෙරේරා මහතාට පවරා ඇති බවයි.සැකකරුවන් සැඟවී ඇතැයි කියන එම කැලෑ ප්‍රදේශ දෙක ඊයේ අලුයම සිට වටලා ඇති බවද පොලිසිය පැවැසීය.
එම ඝාතනවලට පැමිණි සැකකරුවකු මිලිමීටර් නවයේ පිස්තෝලයකින් එක් වෙඩි පහරක් ඔහුගේ හිස පිටුපසින් තබා ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. ඒ බව එම ස්ථානයේ වැටී තිබූ හිස් පතොරොමකින්ද තහවුරු වී ඇති බව පොලිසිය පැවැසීය.
එම ද්විත්ව ඝාතන සිදුකර පලාගිය ත්‍රිරෝද රථය පිළිබඳ තොරතුරුද මේ වන විට ලැබී ඇති බව පොලීසිය පවසනවා. අවසන් කටයුතු සිදුකිරීමට නියමිත අද දින එම මෘත ශරීර දෙක ගම් මැද්දට රැගෙනවිත් ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට බල කෙරෙන විරෝධතාවකටද ගම් වැසියන්ගේ සූදානමක් පවතින බවද වාර්තා වනවා.
කඹුරුපිටිය ද්විත්ව ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් සොයා සිදු කෙරෙන කැලෑ මෙහෙයුම සඳහා පොලිසියට අමතරව තංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක්ද කැඳවා ඇති බව මාතර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති මැකාර්ති පෙරේරා මහතා පවසනවා.
උපුටා ගැනීම - මව්බිම පුවත්පත
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.