එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර කරූ ජයසූරිය මහතාට ඩෙංගු උණ රෝගය වැළඳී රෝහල් ගතකිරීම නිසා අද පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල රැස්වීම කල් දැමූ බව එම පක්ෂය පවසයි. අසනීප තත්වය උග්රවීම හේතුවෙන් ඔහු ඊයේ පස්වරුවේ කොළඹ පුද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබේ.
මේ අතර තනි තනිවම ගමනක් ගොස් පක්ෂයට හෝ තමන්ට කිසිදු ජයග්‍රහණයක් හිමි නොවන නිසා පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් නායකත්ව මණ්ඩලයට එක්වී රටත් ජනතාවත් බේරාගන්නා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් සහ තලතා අතුකෝරල මහත්මියගෙන් එක්සත් වෘත්තීය සමිති සන්ධානය ඉල්ලා සිටියි.
එක්සත් ජාතික පක්ෂය වටා සිටින ලක්ෂ 40 ක් ජනතාවගේ එකම බලාපොරොත්තුව වී තිබෙන්නේ හැකි ඉක්මනින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් රට තුළ බිහිවනු දැකීම බවත් මේ නිසා සියලූ දෙනාම කටයුතු කළ යුතු වන්නේ එම අපේක්ෂාවක් ඉෂ්ට කිරීමට බවද එම සන්ධානයේ කැදවුම්කරු ජයම්පති කුරුප්පු ආරච්චි මහතා සදහන් කරයි.
ජනතාවගේ බලාපොරොත්තු මුදුන් පමුණුවාලීම සදහා මේ වනවිට නායකත්ව මණ්ඩලයක් පිහිටුවා තිබෙන බවත් එයට ලබාදී ඇති බලතල ප්‍රමාණවත් නොවනවා නම් එය සම්පූර්ණ කරගත යුතුවන්නේද නායකත්ව මණ්ඩලයට සහභාගී වීමෙන් බවද හෙතම පවසා සිටියේය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.