2013-12-03

MCNS විසුරුවා හරියි - හුළුගල්ල ගෙදර යයි

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය නොවැම්බර් 1දා සිට අහෝසි කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ලෙස ලක්ෂ්මන් හුළුගල්ල මහතා කටයුතු කරනු ලැබිය. මේ අනුව ඒ මහතා දැරූ තනතුරු අහෝසි වනවා. ජනාධිපතිවරයා විසින් කරනා ලද නියෝගයකට අනුවයි මෙසේ මාධ්‍ය මධ්‍යස්ථානය අහෝසි කර තිබෙන්නේ. මෙම මාධ්‍ය මධ්‍යස්ථානයට අනුයුක්තව සේවය කළ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ‍පොලිස් නිලධාරීන් ඔවුන්ගේ මූලස්ථාන වෙත කැඳවා තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.