ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරඟයේ කාසියේ වාසියේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 264ක් ලබා ගැනීමට සමත් විය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ෂිකර් දවන් ලකුණු 94ක්, විරාට් කෝලි ලකුණු 48ක් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර විය.
පන්දු යැවීමේදී අජන්ත මෙන්ඩිස් ලකුණු 60ට කඩුලු 4ක් හා සචිත්‍ර සේනානායක ලකුණු 41ට කඩුලු 3ක් බිඳ දැමීය.
ඒ අනූව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරඟය ජය ගැනීම සඳහා ලකුණු 265ක ඉලක්කයක් හිමිව තිබේ.
ශ්‍රී ලංකාව මෙම තරඟාවලියේ පකිස්ථානයට එරෙහිව පැවැති පළමු තරඟයෙන් ලබාගත් අතර ඉන්දීය කණ්ඩායම බංග්ලාදේශයට එරෙහි තරඟයේ ජය වාර්තා කළේය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.