මාතර කඹුරුපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කඹුරුපිටිය මාස්මුල්ල කැලයේ ගිනිඅවියක් සඟවා ඇති බවට කළ තොරතුරු හෙළි කිරීමත් සමග පොලිස් නිලධාරීන් හා විශේෂ කාර්ය බළකාය සැකකරු රැගෙන අද අලූයම 4.00ට පමණ එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත වුණා. එහිදී සඟවා තිබූ ගිනිඅවියෙන් පොලිස් නිලධාරීන් දෙසට සැකකරු වෙඩි තැබීමට උත්සහ දරා තිබෙනවා. ඒ අවස්ථාවේ කි‍්‍රයාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරුට වෙඩි තබා ඇතැයි සඳහන්. පොලිස් ආරංචි මාර්ග කියා සිටියේ සැකකරු අමිත් ප්‍රියදර්ශන නමැති පාතල කල්ලි සාමාජිකයෙකු බවයි.
ඉකුත් ඉරිදා මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ නිවසක් තුළදී පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයෙකු වන වැලිගම ලියනාරච්චිගේ සුනිල් නමැත්තා සහ ඔහුගේ බිරිඳ තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණා. ඝාතනයට ලක්වූ කොස්තාපල්වරයා මාතර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ වැටලීම්වලට සිය දායකත්වය ලබාදුන් අයෙකු බව පොලිසිය සඳහන් කළා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.