2014 අයවැයෙන් යෝජිත පරිදි අර්තාපල්, ලොකු ලූනු හා වියළි මිරිස් සඳහා සහතික මිලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. මේ අනුව අර්තාපල් කිලෝවක නිෂ්පාදකයා ගෙන් ලබාගන්නා සහතික මිල රුපියල් 80 .00 කි.ලොකු ලූනු කිලෝ 1ක් නිෂ්පාදකයා ගෙන් රුපියල් 60 ට මිලදී ගැනේ. වියළි මිරිස් කිලෝවක් නිෂ්පාදකයා ගෙන් ලබාගන්නා සහතික මිල රුපියල් 350 කි. බීජ අර්තාපල් කිලෝ 1ක් රුපියල් 160.00 බැගිනුත් ලොකු ලූනු බීජ කිලෝවක් රුපියල් 12000.00 බැගිනුත් නිෂ්පාදකයා ගෙන් ලබාගැනීමේ සහතික මිලක් රජය නියම කොට ඇත.
කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා දීමට දේශීය කෘෂි නිෂ්පාදනය පුළුල් කිරීමටත් අගය එකතු කළ කෘෂි නිෂ්පාදන සඳහා ශී‍්‍ර ලංකාවේ මෙන්ම විදේශයන්හි ද තරගකාරි වෙළෙඳපොළට බාධා රහිතව ප‍්‍රවේශවීමේ හැකියාව ඇති කිරීමටත් රජය ඉලක්ක කරයි. එම ඉලක්ක සපුරාගැනීම සඳහා වගා බිම් ප‍්‍රමාණය වැඩි කිරීම, ඉහළ ඵලදායිතාවක් සහිත බීජ භාවිතය, නවීන ජල කළමනාකරණ පද්ධති භාවිතය, කාර්යක්ෂම ගොවිපළ කළමනාකරණ විධික‍්‍රම හඳුන්වා දීම, ප‍්‍රවාහනයේ දී නාස්තිය අවම කිරීම හා නූතන ගබඩාකරණ පහසුකම් සැලැසීම සඳහා යෝජනා වී ඇත.
2015 වන විට අර්තාපල්, ලොකු ලූනු හා වියළි මිරිස් සම්බන්ධ ව 50%ක ස්වයංපෝෂිත භාවයක් අත් කරගැනීමට හා 2020 වන විට අතිරික්ත නිෂ්පාදනය අපනයනය කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව මේ ආහාර ද්‍රව්‍ය සඳහා ඉහත කී සහතික මිල ලබා දීමට හා අදාළ කටයුතු ඉදිරියට කරගෙන යෑමට මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමන් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.