2014-03-05

මගීන් එක්ක තෙල් ගහන්න ගියොත් 0112871352ට කියන්න

මගීන් පටවාගෙන තෙල් ගහන්න යන බස් ගැන 0112871352ට කියන්න
පෞද්ගලික බස් රථ සිය ගමන් වාරය අතරතුර මගීන් ද සහිතව සිය රථවලට ඉන්ධන ලබාගැනීම සපුරා තහනම් බවත් එසේ මගීන් සහිතව බස් රථවලට ඉන්ධන ලබා ගන්නේ නම් ඒ ගැන 0115559595 හෝ 0112871352 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දැනටමත් මගීන් ද සහිතව ඉන්ධන ලබාගත් බස් රථ 2ක ගමන් වාර අත්හිටවූ බව එම අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) රංජිත් මහතා පවසනවා. මගීන්ද සහිතව ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීම ඉතා අවදානම් බවත් මේ නිසා එසේ මගීන්ද සහිතව බස් රථවලට ඉන්ධන ලබා නොගන්නා ලෙසට බස් රථ සේවකයින් දැනුවත් කර ඇති බවත් හෙතෙම පැවසීය. 
මෙම වරද දිගින් දිගටම කරන පෞද්ගලික බස් රථවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද රංජිත් මහතා වැඩිදුරටත් පැවසීය. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.