2014-05-14

කොස්තපාල් ඝාතනය කළ සැකකරුවන් ඉදිරි පැය 72 තුළ අත්අඩංගුවට?

මාර්ග ආරක්‍ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් නිරුවත් කොට එක් නිළධාරියෙකුට වෙඩි තබා ඝාතනය කර අනෙත් නිළධාරියාව මරා දැමීමට තැත්කළ සන්නද්ධ කණ්ඩායම ඉදිරි පැය 72 ඇතුළත නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකි වෙතැයි පොලිසිය විශ්වාස කරනවා. 

මේ වන විට ඊට සම්බන්ධ වූ සියළුම පුද්ගලයන් හදුනා ගැනීමටද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා. දිවා රෑ නොබලා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී ඩී.ආර්.එල්.රණවීර මහතා ඇතුළු නිළධාරීන් විසින් කළ විමර්ශනයක ප‍්‍රතිඵලයක් ලෙස සන්නද්ධ පුද්ගලයන් හඳුනා ගැනීමට හැකිවූ බව උසස් පොලිස් නිළධාරියෙක් සදහන් කළේය.


සැකකරුවන් හදුනාගත්තද පොලිස් නිලධාරීන් දෙදෙනාව පැහැරගත්තේ ඇයි දැයි මෙතෙක් පැහැදිළි නැති බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ දේවල් සියල්ල හෙළිවෙතැයි ද එම නිලධාරියා පැවසුවේය. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.