2014-05-10

තෙරිපැහැ හිමියන්ට තවත් හිමිනමකගෙන් ප්‍රහාරයක්

ගම්පහ වැලිවේරිය රතුපස්වල කර්මාන්ත ශාලාව ගමෙන් ඉවත් කර පිරිසිදු පානීය ජලය ගම්වැසියන්ට ලබා දෙන්නැයි ඉල්ලා මාරාන්තික උපවාසයක නිරත වූ තෙරිපැහැ සිරිධම්ම හිමියන්ට තවත් හිමිනමක් පහර දී ඇති බව වාර්තා වනවා. 
සිරිධම්ම හිමියන් තම විහාරස්ථානය ඉදිරිපිට ජලය ඉල්ලා උද්ඝෝෂණයක් කරන්නට සූදානම් වෙද්දී පහරදී පළවා හැරි බවයි පහර දුන් බව කියන හිමිනම පවසනවා. 
තෙරිපැහැ සිරිධම්ම හිමියන් පැවසුවේ බටහිර වැලිවේරිය ප්‍රදේශයට මෙතෙක් ජලය නොලැබීම ගැන දැනුම්වත් කිරීමට පැවැත්වූ රැස්වීමට පැමිණි එම හිමි නම තමන්ට පහර දුන් බවයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.