කොළඹ නගරය තුළ අද (07දා) උද්ඝෝෂණ හෝ පෙළපාළි පැවැත්වීම තහනම් කරමින් අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝග කඩකරමින් සිසුන් ඒකරාශී කරමින් උද්ඝෝෂණ සිදුකළ සියලුම ශිෂ්‍ය සංගම් නායකයන් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අධිකරණය ලබාදුන් නියෝග කඩකිරීම නිසා අධිකරණයට අපහාස කිරීම පිළිබඳ සහ අධිකරණ නීතියට පටහැනිව කටයුතු කිරීම යන චෝදනා යටතේ සියලුම ශිෂ්‍ය සංගම් නායකයන් අත්අඩංගුවට ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
උද්ඝෝෂණ ව්‍යාපාරයේ නිරත ශිෂ්‍ය සංගම් 16 ක නියෝජිතයන් අත්අඩංගුවට ගැනීම සඳහා උද්ඝෝෂණ අවස්ථාවේදී ගත් ජායාරූප සහ වීඩියෝ දර්ශන භාවිත කරන බවත්, අධිකරණ නියෝග කඩකිරීම නිසා අධිකරණ අවසරයක් නොමැතිව සියලු දෙනාම අත්අඩංගුවට ගත හැකි බවත් ඔහු කියා සිටියේය.
කොළඹ නගරය තුළ ඊයේ දිනයේදී උද්ඝෝෂණ හෝ පෙළපාළි නොපවත්වන ලෙස අලුත්කඩේ අංක 01 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ශිෂ්‍ය සංගම් 16 ක නියෝජිතයන්ට නියෝගයක් ලබාදී තිබිණි.

Source - Ada.lk
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.