2014-05-04

යාපනයේ ත්‍රිත්ව ඝාතනයක්

යාපනය, අච්චුවේලි ප‍්‍රදේශයේ ඊයේ(03) රාති‍්‍රයේදි එකම පවුලේ මව, දියණිය හා පුතා කපා කොටා මරා දමා ඇති බව පොලිසිය පවසනවා. අච්චුවේලි පොලිසිය වැඩිදුරටත් පැවසූවේ කැපුම් පහර ලැබීම හේතුවෙන් නිකෝනාදන් අරුල්නායගි නමැති වයස අවුරුදු 50 ක කාන්තාවක් හා යශෝදරන් මධුෂා වසස නමැති අවුරුදු 27 ක තරුණියක් හා නිකෝනාදන් සුභාකන් නමැති වයස අවුරුදු 19 ක තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇත බවයි. නිකෝනාදන් දර්මිකා නමැති වසස අවුරුදු 25 ක තරුණියක් හා කේ. යශෝදරන් නමැති වයස අවුරුදු 30 ක පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද පොලීසිය පවසනවා. 

පවුල් ආරවුලක් මත පවුලේ බෑණා විසින්  අදාළ පිරිස ඝාතනය කොට ඇති අතර, කැපුම් තුවාල හේතුවෙන් බරපතල තුවාල ලැබූවන් යාපනය රෝහල වෙත ඇතුළත් කොට ඇති බවද අච්චුවේලි පොලිසිය වැඩිදුරටත් පවසනවා.

පුද්ගල ඝාතනය සිදු කළ පුද්ගලයා ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා වැඩිදුර පරීක්ෂණ සිදු කරගෙන යන බව අච්චුවේලි පොලීසිය පවසනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.