2014-06-24

නිල වෙබ් අඩවි කෙලෙසන සයිබර් ප්‍රහාර අක්‍රිය කරයි

ශ්‍රී ලංකා රජයට සම්බන්ධ දෙස් විදෙස් ආයතන ගණනාවක නිල වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළු වෙමින් ක්‍රියාත්මක වූ සයිබර් ප්‍රහාර මේ වනවිට මුළුමනින්ම අක්‍රිය කර ඒවා යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූ බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකා සයිබර් අවකාශය තුළ සිදුවන ඕනෑම ආකාරයේ සයිබර් ප්‍රහාරයක් මුළුමනින් මැඬ පැවැත්වීමේ හැකියාව විදුලි සංදේශ නියාමන කොමිසමට තිබෙන බවද එම කොමිසමේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසනවා.

එබැවින් එවැනි සයිබර් ප්‍රහාර පිළිබඳ ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බවද පැවසූ හෙතෙම තම වෙබ් අඩවි නිතර නිතර යාවත්කාලීන කර පවත්වාගෙන යෑමෙන් දත්ත සොරාගැනීමේ (හැක් කිරීම) කටයුතුවලින් ආරක්ෂා විය හැකි බවද පැවසීය.

මේ වනවිට ‘ඔපරේෂන් ශ්‍රී ලංකා' නමැති සංවිධානයේ සයිබර් ප්‍රහාරයට ලක්වූ මෙරට සියලු වබේ අඩවි යථා තත්ත්වයට පත්කර තිබෙන බවද එම ප්‍රකාශකයා පැවසීය. එහෙත් එම සයිබර් ප්‍රහාරයට ලක්වූ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල වබේ අඩවිය ශ්‍රී ලංකා සයිබර් අවකාශයට අයත් නොවන බවත් ඒ පිළිබඳ වගකීම පැවරී ඇත්තේ බ්‍රිතාන්‍ය සයිබර් අවකාශයට බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Rivira පුවත්පත

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.