2014-11-19

‘ඔබ පොදු අපේක්ෂකයාද? ‘ : ‘කටකතා නම් යනවා තමයි‘

සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන මහතා ගම්පහදී පැවසූයේ ඔහු රජයෙන් ඉවත් වෙතියි කටකතා පැතිරෙන බවයි.
සිළුමිණ උපදේශක කර්තෘ කරුණාදාස සූරියආරච්චි මහතාගේ මළගමේදී මහින්ද රාජපක්ෂ ජනපතිගේ හා රජයේ ශෝකය පළ කරන්නට ඇමතිවරයා ගම්පහට පැමිණියේය.

මාධ්‍යවේදීන් එහිදී ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවේය.

ප්‍රශ්නය - ඔබතුමා රජයෙන් ඉවත්වන බවට පැතිරී යන කටකතා ඇත්තද ?
උත්තරය - කට කතා යනවා තමයි.

ප්‍රශ්නය - ඔබතුමා සෞඛ්‍ය ඇමතිකමින් යන බවට ආරංචි තිබෙනවා
ඇමති සිනාසෙයි.

ප්‍රශ්නය - නිල නිවසේ බඩු අස්කරන බවටත් ආරංචියක් පවතිනවා.
සිනාසෙයි.

ප්‍රශ්නය - ඇත්තටම ඔබතුමා පොදු අපේක්ෂකයෙක් වනු ඇතැයි තවත් කටකතාවක් පවතිනවා.

සිනා..

ප්‍රශ්නය- ඇමතිතුමනි ඔබ රජයෙන් ඉවත්වනවාද? නැද්ද ?

සිනා....

ප්‍රශ්නය - පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවාද ?

සිනා...

කටකතා නම් යනවා තමයි කියමින් ඇමති සිය නිල රථයට නැංගේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.