2014-12-13

අඟහරුගේ විශාල කඳු පන්ති ගැන අලුත් අදහසක්

අඟහරු ග්‍රහයා මත පතිත වූ කලාපයේ විශාල කඳු පන්ති සෑදීමට හේතුව මේ වනවිට නිශ්චය කරගැනීමට හැකිවන බව නාසා විද්‍යාඥයන් පවසයි.

ඔවුන් විශ්වාස කරන්නේ මීට වසර මිලියන ගණනකට පමණ පෙර පැවති ජල තටාක හේතුවෙන් ඇති වූ රොන්මඩ තට්ටු මීට මුල් වී ඇති බවයි.

අවසානයේ කාලයාගේ අවෑමෙන් පසුව කිලෝමීටර් 5ක් පමණ උස මෙම කඳු පන්ති රතු ග්‍රහයා මත ඇති වී තිබෙන බව ඔවුන් විශ්වාස කරයි.

මෙය සනාථ වුවහොත් අඟහරු ග්‍රහයාගේ අතීත කාලගුණික තත්ත්වයන් පිළිබඳව හා එහි ජීවය පැවති බවට මෙය සුවිශාල පෙරළියක් වනු ඇති බව කියැවෙයි.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.