2014-12-13

අත් ට්‍රැක්ටරයක් පෙරළී කුඩා දරුවෙක් මරුට

ආනමඩුව, ඌරියාය ප්‍ර දේශයේ දි අත්ට්‍රැක්ටරයක් පෙරළීයාමෙන් සිදුවු අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තිබේ. අද (13) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේය. 

ඥාතියෙකු සමග අත්ට්‍රැක්ටරයේ ගමන් කරමින් සිටිය දි එය පෙරළීමෙන් කුඩා දරුවා අනතුරට පත්ව ඇති බව සඳහන්ය.  ආනමඩුව දිසා රෝහල වෙත ඇතුළත් කිරිමෙන් අනතුරුව එම දරුවා මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය. මියගොස් ඇත්තේ සිව් හැවිරිදි පිරිමි ළමයෙකි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.