ලුණුවිල ප්‍රාදේශීය රෝහලෙ වෛද්‍යවරියක් ඇතුළු ඇයගේ පවුලේ සියළුම දෙනා ඝාතනය කර වළක දමා තිබියදී හමුවී ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. 01 වැනිදා දහවල් මෙම මළ සිරුරු සොයා ගෙන ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ වෙන්නප්පුව - නයිනමඩමේ පදිංචිව සිටි වෛද්යටවරියක් වූ පුන්‍යා කුමාරි විජේසිංහ (අවු:49), ව්‍යාපාරිකයෙකු වූ නලීන් හෙට්ටිආරච්චි, එම යුවලගේ දරුවන් වන චාරුක ගයශාන් (අවු:15), පියුමි හෙට්ටිආරච්චි (අවු:13) නම්වූ අයවළුන්ය.
ඝාතනයට ලක්ව ඇති වෛද්‍යවරියගේ ස්වාමි පුරුෂයා කොහු මෝල් ව්‍යාපාරිකයෙකි.දරුවන් දෙදෙනා පාසල් යමින් සිටින බව කියති.
මිය ගොස් ඇති අයවළුන් දින දෙකක පමණ කාලයක සිට අතුරුදහන්වී ඇති බවට තොරතුරු ඇති බව පොලීසිය කියයි.මිය ගොස් ඇති ව්යාතපාරිකයාට අයත් කොහු මෝලේ සේවය කළ මුරකරු දැනට අතුරුදහන්වී ඇත.ඇතැම් විට එම මුරකරුවා විසින් මෙම ඝාතනය සිදු කර පලා යන්නට ඇති බවට විශ්වාස කළ හැකි යැයි පොලීසිය කියයි.
ඝාතනය කර ඇති එකම පවුලේ සිව් (04) දෙනාගේ මළ සිරුරු ඔවුන්ගේ නිවසට ආසන්නයෙන් ඇති කොහු මෝල පිටුපස ඇති අතහැර දමන ලද මට්ටා වළක තිබී හමුවී ඇත. මළ සිරුර මෙතෙක් ගොඩ ගෙන නැත.
වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.