2015-01-22

කබ්රාල්ට සජින්ට රටින් පීටවීම තහනම් කෙරේ

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ හා විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාගේ විදේශ ගමන් තාවකාලිකව අත්හිටුවන ලෙසට අල්ලස් කොමිසම ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. 

වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් එම්. එන්. රණසිංහ මහතා පැවසුවේ ඔවුන්ගේ විදෙස් ගමන් අත්හිටුවන ලෙස සඳහන් ලිපි දෙකක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට අල්ලස් කොමිසමෙන් එවා ඇති බවයි. 

ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අල්ලස් කොමිසම බාරයට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව ලැබී ඇති පැමිණිලි විමර්ශන අවසන් වන තුරු රටින් පිටවීම මේ නිසා වැළකීයනු ඇත.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.