2015-01-22

තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙනවා

තමන් තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන බව හිටපු යුධහමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. 

ඔහු පවසන්නේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීම තමන්ගේ අභිප්‍රාය බවයි. 

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට පසුගිය කාලවකවානුවේ අහිමි කර තිබු ජෙනරාල් ධුරය ඇතුළු සියළු වරප්‍රසාද යළි ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පියවර ගත්තේය. 

ඉන් අනතුරුව අද දෙරණ සමඟ අදහස් දක්වමින් හිටපු යුධහමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ අදහස් පළ කළේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.