2015-01-23

සජිත්ගේ ඇමැති වැටුප ඉන්ධන දීමනා නිවාස අරමුදලට

අමාත්‍යවරයකු ලෙස ලැබෙන වැටුප, නිල නිවාස හා සියලු නිල වාහන භාවිත නොකොට එහි මූල්‍ය වටිනාකම නිවාස අරමුදලට ලබාදෙන බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) බත්තරමුල්ල පිහිටි නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශයේ රාජකාරී නිල වශයෙන් ආරම්භ කළ අවස්ථාවේදීය.එමෙන්ම තමන්ට ලබාදෙනු ලබන ඉන්ධන දීමනාවද නිවාස අරමුදලට ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම මුදල් නිවාස අරමුදලට ලබාදීමෙන් එමගින් දුගී දුප්පත් ජනතාව සඳහා නිවාස ඉදිකිරීමටත් අඩු ආදායම්ලාභී දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.