2015-02-14

අනිවාර්ය නිවාඩු යැවූ හමුදා නිලධාරීන් නැවත සේවයට

2010 වසරේදී අනිවාර්ය නිවාඩු යැවූ හමුදා නිලධාරින් 10ක් නැවතත් සේවයේ පිහිටුවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කොට තිබේ.

මේජර් ජනරාල් මහේෂ් සේනානායක, බ්‍රිගේඩියර්වරු පස් දෙනෙක් වන බිමල් ඩයස්, දුමින්ද කැප්පෙටිවලාන, ජානක මොහොට්ටිථ අතුර හෙන්නපිටිය, වසන්ත කුමාරප්පෙරුම, කර්නල් උඹය සිරිවර්ධන, ලුතිනන් කර්නල් පී. ජයසුන්දර, කපිතාන්වරුන් වන ආර්. රණවීර, හා ක්‍රිෂාන්ත යන අය මෙසේ නැවත සේවයේ පිහිටුවා තිබේ.

මෙම සේවයේ පිහිටුවීම ඊයේ (13දා) සිට ක්‍රියාත්මක වෙයි. 




No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.