2015-02-14

පළමු තරගය ශ්‍රී ලංකාව අසාර්ථකයි

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රි ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 98ක පරාජයක් හිමිවිය.

මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදි ලකුණු 331ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස්කළද එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 233ක් පමණි.

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් නවසීලන්ත පිතිකරුවන් හමුවේ දැඩි ප්‍රහාරයකට ලක්විය.

තරගයේ වීරයා ලෙස කුරේ ඇන්ඩර්සන් සම්මාන ලැබීය.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.