2015-02-22

මැයි දිනය සමරන්න ශ්‍රීලනිපයෙන් කමිටුවක්

මැයි දිනය මහ ඉහළින් පවැත්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දින කමිටුවක් පත් කර තිබේ. මෙම මැයි දින කමිටුව ඉදිරියේ දී රැස්වීමට නියමිත අතර එහි සභාපතීත්වය මාත‍ලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට හිමි වී ඇත.

මෙම කමිටුව සඳහා දැනට සී. බී. රත්නායක, ඩලස් අලහප්පෙරුම සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඇතුළත්ව ඇති අතර ඉදිරියේ දී මෙම කමිටුව සඳහා තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීපදෙනකු ඇතුළත්වීමට නියමිත බව ශ්‍රීලනිප මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවර මැයි දිනයේ තේමාව සඳහා නවතම තේමාවක් ඇතුළත් කිරීමට නියමිත අතර ඒ සඳහා ‍තේමාවන් කීපයක් සම්බන්ධයෙන් සලකා බලමින් පවතින බව ද එම ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.