ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සාර්ථකව මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් එම පක්ෂය රට පුරා පුළුල් ප්රචාරක වැඩපිළිවෙළක් මේ වනවිට දියත්කර තිබෙනවා.
මහ මැතිවරණයේදී පොදු ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීම ඉලක්ක කර ගත් නව ආර්ථික ප්රතිපත්ති සහිත මැතිවරණ ප්රතිපත්ති ප්රකාශනයක් ඉදිරිපත් කිරීමටද එ.ජා.ප.ය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඉදිරි මහ මැතිවරණයක් සඳහා එජාපය දැනටමත් සූදානම් බවත් ඒ සඳහා මේ වනවිට එජාපය ආසන සංවිධායකවරුන්ගේ ප්රගතිය සමාලෝචනය කරමින් සිටින බව එහි ලේකම් කබීර් හෂීම් මහතා පැවසීය.
ලබන මාර්තු මස 20 වැනිදා වනවිට පක්ෂයේ සාමාජික ප්රවර්ධන වැඩසටහන 'ජනජය - 02' ආරම්භ කරන බවද කී එජාප ලේකම්වරයා ගමින් ගමට ගොස් එම වැඩසටහන ක්රියාත්මක කරන බවද කියා සිටියේය.
ඉදිරියේදී පත්වන එජාප රජයක් යටතේ දූෂණය, හොරකම තුරන්කොට මානව සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්රියාත්මක කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.