2015-05-03

හොර ASP බදුල්ලෙන් අල්ලයි

සහකාර පොලිස් අධිකාරිවරයෙකු බව හඟවමින් බදුල්ල නගරයේ වෙසක් පෙරහර විශේෂ රාජකාරියේ යෙදී සිටි වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (02දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි.

බදුල්ල, කන්දේගෙර පදිංචිකරුවෙකු වන සැකකරු සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිලඇඳුමට සමාන ඇඳුමකින් සැරසී බදුල්ල කම්මානන්කඩ විහාරස්ථානයේ වෙසක් පෙරහර රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට විධාන දෙමින් බදුල්ල නගරයේ කටයුතු කරඇතැයිද පොලීසිය පවසයි.

කෙසේ නමුත් ඔහු පැලඳ සිටි හිස්වැසුමේ ලියවැල්වල වෙනසක් හා නිලඇඳුමේ ක්‍රමානුකූල බව නොතීබිම යන කරුණු නිසා සැකපහළ කල උප පොලිස් පරීක්ෂකවරයෙකුමේ පිළිබඳව බදුල්ල සහකාර පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාට දැනුම් දී තිබේ.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස් නිලධාරින් කණ්ඩායමක් සමග පැමිණ බදුල්ල තානායම අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකායේද පුහුණුව ලැබු අයෙකු වන අතර, වවුනියාව හා මඩකලපුව ප්‍රදේශයේ සේවය කරඇති බවද අනාවරණයවී ඇත.කෙසේ නමුත් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් 2007වසරේදී ඔහුගේ රැකියාව අහිමි වී තිබේ.

සැකකරු මානසික ආබාධයකින් පෙළෙන බවට සැකකළ නිසා මානසික වෛද්‍යවරයෙකු හමුවට පමුණුවා වාර්තාවක් ලබාගැනීමටද පොලීසිය කටයුතු කර තිබේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.