2011-12-30

නීති විරෝධී මත්පැන් බෝතල් 1066ක් අත්අඩංගුවට

වෙන්නප්පුව ප‍්‍රදේශය පුරා බෙදාහැරීමට සූදානම් කර තිබූ නීති විරෝධී මත්පැන් බෝතල් 1066 ක් සමග සැකකරුවෙකු අද අලූයම අත්අඩංගුවට ගැනුනා. ඒ වෙන්නප්පුව සුරාබදු කාර්යාලයේ නිලධාරීන් කළ වැටලීමකදීයි. වෙන්නප්පුව දුම්මලදෙණිය ප‍්‍රදේශයේ ගිංඔය ආසන්නයේ මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබෙනවා.
අත්අඩංගුවට ගත් නීති විරෝධී මත්පැන් බෝතල්වලින් කොටසක් අගනුවර ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බවයි පරීක්ෂණවලදී අනාවරණය වුණේ. අත්ඩංගුවට ගත් පුද්ගලයා සහ නීති විරෝධී මත්පැන් බෝතල් තෝගය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.