තංගල්ල ප්‍රදේශයේ හෝටලයක දී විදේශිය ජාතිකයකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශිය දේශපාලනඥයකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ හෝටලයේ ඊයේ රාත්‍රියේ පැවති සංගිත වැඩසටහනකට සහභාගි වු පිරිසක් අතර ඇති වු ගැටුමක දී මෙම විදේශිය ජාතිකයා ජිවිතක්ෂයට පත්වු බවයි.
සංගීත වැඩසටහනේ දී ඝාතනයට ලක්වු විදේශිකයාගේ බිරිඳට ප්‍රාදේශිය දේශපාලනඥකයා අශෝභන ලෙස විහිළු තහළු කර ඇති බව පරික්ෂණවලදී හෙලි වුණා. ඉන් පසු මෙම ගැටුම ඇතිවු බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ. මිය ගිය විදේශිකයාගේ බිරිඳ වෙඩි වැදී කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. විදේශිකයා මිය යාමට හේතුව වෙඩි ප්‍රහාරයකට ලක්වීම ද? පහර කෑමට ලක්වීම ද? යන්න මෙතෙක් හෙළි වි නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.