2011-12-25

නත්තල වානිජකරණය වී ඇති බවට පාප් වහන්සේගෙන් චෝදනා

නත්තල් උත්සවය සීමාව ඉක්මවා වානිජකරණය වී ඇති බව 16 වැනි බෙනඩික් පාප් වහන්සේ පවසනවා. රෝමයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ දි නත්තල් දේව මෙහෙය පවත්වමින් උන්වහන්සේ මේ බව ප‍්‍රකාශ කළා.
පීඩා විඳින්නන්ට සහ අසරණයන් වෙනුවෙන් තම නත්තල් යාඥා මෙහෙය සිදුකරන බව පාප් වහන්සේ සඳහන් කරනවා.නත්තලේ අසිරිය යථාර්ථවාදීව විනිවිද දකින ලෙස උන්වහන්සේ කිතුනු ජනතාවගෙන් මෙහිදී ඉල්ලා සිටියා. නත්තලේ කාර්යභාරය අද දිනට පමණක් සීමා නොවන බව උන්වහන්සේගේ අදහසයි. ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ පැවති නත්තල් දේව මෙහෙයට ලක්‍ෂයකට අධික ජනකායක් එක්ව සිටි බව විදෙස්  පුවත් සේවා අනාවරණ කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.