2011-12-30

2012දී එජාප ආසන සංවිධායක ධුර සංශෝධනයක්?

2012 වසරේ දී එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් සංශෝධනය කිරීමට පක්‍ෂ නායකත්වය තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳ ලබන ජනවාරි මස 05 වැනිදා පැවැත්වෙන පක්‍ෂ උපදේශක සභාවේදී අවසන් තීරණය ගනු ඇති.
ඇතැම් ආසන සඳහා සම සංවිධායකවරුන් පත් කිරීමට ද නියමිතයි. කඩුවෙල එවැනි ආසනයක් වනවා. සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමෙන් පසු එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ වුවහොත් ඔහු සමග පැමිණෙන මන්ත‍්‍රීවරුන්ට ද ආසන සංවිධායක ධුර ලබාදීමටයි පක්‍ෂය තීරණය කර ඇත්තේ. ලබන මස 05 වැනිදා පැවැත්වෙන උපදේශක සභා රැස්වීමට තනතුරු අහිමි වු කරු ජයසූරිය සහ රවී කරුණානායක යන මන්ත‍්‍රීවරුන්ට සහභාගි වීමේ අවස්ථාව උදාවන්නේ නැහැ. එහෙත් පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඔවුන් දෙදෙනා පත් කිරීමටයි නායකත්වය තීරණය කළේ. කෙසේ වෙතත් කරු ජයසූරිය මන්ත‍්‍රීවරයා යළි පත් කිරීම පිළිබඳ පක්ෂය තුළ මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.