2011-12-30

දයාසිරි රැකීමට දිවි හිමියෙන් කැප වනවා

දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයාට එරෙහිව පැවැත්වීමට නියමිත විනය පරික්‍ෂණයට පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා විරෝධය පළ කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැප වූ අයෙකු බවයි. එබැවින් ඔහු ආරක්ෂා කර ගැනීමට දිවිහිමියෙන් කැපවෙන බවයි සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කළේ.
පක්‍ෂ නායකත්වය විවේචනයට ලක් කිරීම සහ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම නීති විරෝධි බව ප‍්‍රකාශ කිරීම වැනි කරුණු හේතුවෙන් දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයාට එරෙහිව විනය පරික්‍ෂණයක් පැවැත්වීමටයි පක්ෂ නායකත්වය පසුගියදා තීරණය කළේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.