2011-12-29

පිලිකා රෝහල් හෙද නිලධාරීන්ගේ විකිරණ පරික්‍ෂාවක් කරන්නැයි ඉල්ලීම්

පිළිකා රෝහල් හී හෙද නිලධාරීන්ගේ ශරීරයන් හී විකිරණ මට්ටම් වහා පරික්‍ෂාවට ලක් කරන්නැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ ඒ සඳහා හේතු කිහිපයක් ඇති බවයි.
මහරගම රෝහල අවට ජනතාව පිලිකා රෝග හේතුවෙන් මිය ගොස් ඇති බව පසුගිය දා නිකුත් කළ පර්යේෂණ වාර්තාවකින් කිය වුණා. එසේම රෝහලේ විකිරණ ඒකකයේ සේවයේ නිරත නිලධාරීන් කිහිපදෙනෙකු ද මේ දක්වා පිලිකා රෝගය හේතුවෙන් මිය ගොස් තිබෙනවා. එසේම රෝහලේ විකිරණ ප‍්‍රතිකාර කටයුතුවලදී නිලධාරීන්ගේ ආරක්‍ෂාව උදෙසා නිසි ක‍්‍රියාමාර්ග අනුගමනය කෙරෙන්නේ ද යන්න ගැටළුවක්. මෙම කරුණු සොයා බලා දිවයිනේ සියලූ රෝහල්වල පිලිකා විකිරණ නිලධාරීන්ගේ විකිරණ තත්ත්වයන් පරික්‍ෂා කරන ලෙසයි මෙම ලිපියෙන් ඉල්ලා ඇත්තේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.