2011-12-30

උද්භිද උද්‍යානවලින් කෝටි 31ක ආදායමක්

මෙම වසර තුළදී ජාතික උද්භිද උද්‍යානවලින් රුපියල් මිලියන 310 ක පමණ ආදායමක් ලබා ඇති බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා ප‍්‍රකාශ කළේ විදේශීය සංචාරකයන්ගෙන් පමණක් රුපියල් මිලියන 299ක් උපයා ගත් බවයි.
දේශීය සංචාරකයන්ගෙන් උපයා ගත් මුදල රුපියල් මිලියන 67ක් වනවා. මල් පැල සහ පැළ අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 12ක ආදායමක් උපයා ගත් බවයි සිරිල් විජේසුන්දර මහතා ප‍්‍රකාශ කළේ. පේරාදෙණිය , හග්ගල සහ ගම්පහ යන ජාතික උද්භිද උද්‍යාන මෙම වසර තුළදී වාර්තාගත ආදායමක් උපයා තිබෙනවා. ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව මසකට රුපියල් මිලියන 28 ක ආදායමක් උපයන අතර එය මිලියන 30 දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කරන බවයි සිරිල් විජේසුන්දර මහතා ප‍්‍රකාශ කළේ. එමෙන්ම 2016 වසර වන විට ශී‍්‍ර ලංකාව තුළ තවත් උද්භිද උද්‍යාන 10ක් ඉදිකිරීමට රජය කටයුතු ආරම්භ කර තිබෙනවා. එහි මුල් අදියර වශයෙන් මිරිජ්ජවිල සහ අවිස්සාවේල්ල යන ප‍්‍රදේශවල නව උද්භිද උද්‍යාන ඉදිකිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.