අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ 34 ක් නොමැති බව අනාවරණ වී තිබෙනවා. සිලින්ජර සහ හදිසි ප‍්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරණ ද ඊට ඇතුළත්. රෝහලේ ඖෂධ සහ උපකරණ හිඟය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ දිනයේ සොයා බැලීමක් සිදුකළා.
ඊට එක්වු අමාත්‍යංශ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා ප‍්‍රකාශ කළේ මෙම ඖෂධ හිඟය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද දින විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි. අනුරාධපුර රෝහලේ ඖෂධ ගබඩාව භාරව කටයුතු කරන නිලධාරීන් වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ඖෂධ සහ උපකරණ ඉල්ලා ඇතත් මෙතෙක් ඒවා ලැබී නැහැ. මේ අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොටසකට විදුලිය සැපයුම මීට දින කිහිපයකට පෙර අත්හිටු වූ බව ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා ප‍්‍රකාශ කළා. රුපියල් කෝටි හය හමාරක් ඉක්ම වූ හිඟ බිල්පත් මෙතෙක් ගෙවා නොතිබීම ඊට හේතුවයි. එම බිල්පත් වහාම ගෙවන ලෙස රෝහලේ අධ්‍යක්ෂවරයාට අවස්ථා 3කදී දැනුම් දුන් බව ලංකා විදුලිබල මණ්ඩලයේ අනුරාධපුර ප‍්‍රාදේශීය ඉංජිනේරු බුද්ධික ප‍්‍රසාද් හෙට්ටිආරච්චි මහතා පවසනවා. ගෙවීම් සිදු කිරීම තවදුරටත් පමා වුවහොත් රෝහලේ සෙසු කොටස්වලටද විදුලිය සැපයුම අත්හිටුවන බවයි ඒ මහතා අවධාරණය කළේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.